25 February 2026

logo

ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට



ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (25) මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසනවා. 

එහි සභාපති චන්න ගුණවර්ධන සඳහන් කළේ මේ දිනවල දෛනිකව ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ පනස් දහසක් වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

ලාෆ්ස් ගෑස් හිඟය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති සංචාරක හෝටල් සහ කාර්මාන්ත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ගෑස් නිකුත් කිරීමට ඊයේ (24) දිනයේ පියවර ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිිටින බවයි. 

එමෙන්ම එළඹෙන 28වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)