වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ මාර්තු මස 5වනදා දක්වායි.
අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)
