විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය පිළිබඳ මහජනතාවගෙන් ලිඛිත අදහස් සහ යෝජනා භාර ගැනීම අද (25) ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එම සභාව සඳහන් කළේ මාර්තු මස 18වනදා දක්වා අදහස් සහ යෝජනා භාර ගන්නා බවයි.
ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සමාලෝචනය කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කළ උපදේශන පත්‍රිකාව www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශීලනය කිරීමට හැකියාව පවතිනවා.
(colombotimes.lk)
