සෞදි අරාබියේ ජෙඩා හි පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
කොන්සල් කාර්යාලය අසලට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බව සඳහන්.
එහිදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහුට වෙඩි තබා ඇති අතර වෙඩි හුවමාරුවෙන් ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ඇමෙරිකානු කොන්සල් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීමෙන් කිසිදු ඇමෙරිකානු ජාතිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.
එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බව සෞදි හි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)