ආක්‍රමණශීලි විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර්, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ සඳහා මෙම තහනම පනවා තිබෙන බවයි.
ඒ අනුව ඉහත සඳහන් මත්ස්‍ය විශේෂ බෝ කිරීම, ජල පද්ධතිවලට මුදා හැරීම, ගොඩට ගෙන ඒම, ප්‍රවාහනය කිරීම, මිලදී ගැනීම, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, භාරගැනීම, සන්තකයේ තබා ගැනීම, ආනයනය කිරීම සහ අපනයනය කිරීම නොකළ යුතු බව එම නිවේදනයේ සඳහන්.
ඉහත සඳහන් නියෝග සජීවි මසුන් සඳහා පමණක් අදාළ වනවා.
එමෙන්ම ජල පද්ධතිවලින් ආහාරය සඳහා මෙම මසුන් ඇල්ලීම 1998 අංක 53 දරන පනතින් සංස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියෙන් අවසර ලබාගෙන සිදු කළ හැකි බවයි වාර්තා වන්නේ.
මෙම නියෝගයන් අනුව 'ආණ්‍රමණශීලි මත්ස්‍ය විශේෂ' යනුවෙන් හඳුන්වා ඇත්තේ අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට හානිදායක ලෙස අධික ගහන ඝනත්වයකින් වේගවත්ව පැතිරී යන විලෝපිත මත්ස්‍ය විශේෂයන් නිසාවෙන් බව ද අදාළ නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)