දියවඩන නිලමේ ධූරය සම්බන්ධයෙන් සිදු කරන අපහාසාත්මක සංවාද හා එමඟින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයක් බවයි.
1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කරනු ලබනවා.
මෙම පත් කිරීම සම්බන්ධව මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්,
(colombotimes.lk)