සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1,277කට අධික මුදලක් රජයට අය විය යුතු බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
එම කාර්යාලය සඳහන් කළේ තනතුරු අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 වර්ෂයේ ඔක්තෝබර් 31වන දිනට රජයට අය විය යුතු බැදුම්කර දඩ මුදල්, ණය අත්තිකාරම් ශේෂයන්ගේ එකතුව රුපියල් මිලියන 1,277ක් වන බවයි.
ජාතික විගණන කාර්යාලය විසින් සේවය අත්හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් සහ විදෙස් පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව මඟින් මේ බව අනාවරණය කරගෙන තිබෙනවා.
එම කාර්යාලය සඳහන් කළේ වර්තමානයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළව පුහුණුව සඳහා සහ විදේශ රැකියා සඳහා මෙන්ම අනෙකුත් හේතූන් මත විදේශ ගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්ව යාම හා සේවය අත්හැර යාම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
එමෙන්ම එම නිලධාරීන් ඇප මුදල් හා දඩ මුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවක් මෙන්ම ඒවා අයකර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගවල දුරවලතා රැසක් ද පවතින බව විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.
2015 වර්ෂයේ සිට 2024 අවසානය දක්වා වෛද්‍යවරුන් 705දෙනෙක් ගිවිසුම් කඩකර ඇති බව ද විගණනයේ දී අනාවරණය වී තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
