ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීමට නිර්මාණය කළ ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay හරහා සිදු කළ ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 500 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව අද දිනය වන විට ගනුදෙනු වාර 37,715ක් ඔස්සේ රුපියල් 568,666,330ක රාජ්‍ය ගනුදෙනු සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මේ සඳහා රාජ්‍ය ආයතන 184ක ප්‍රමාණයක් එක්ව තිබෙනවා.
(colombotimes.lk)
