මධ්‍යම කඳුකරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ වසරේදි විශේෂ අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන 'ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.
එම වැඩසටහන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ දොරගල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම අධිකාරියට කෘෂි කර්මාන්ත, වාරිමාර්ග, වනජීවී, වන සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සහ යළි පදිංචි කිරීම් යන සියලුම සැලසුම් නිර්මාණය කිරීම සඳහා බලය ලබා දෙන බවයි.
(colombotimes.lk)
