ලෝක ළමා දිනයට සමගාමීව විශේෂ උත්සවයක් මාතර ප්‍රාදේශික කළමනාකාර ඒ.එල්.සී.පී. අබේසිංහගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ මහජන බැංකුව හක්මන ශාඛාවේ ශ්‍රවණාගාරයේදීයි.
'සිහිනවලට පියඔන ළමා පරපුරත්, ඔවුන්ට අත්තටු දෙන වැඩිහිටි පරපුරත් අපි නිතියෙන් රැකගමු' යන තේමාව යටතේ මෙම ලෝක ළමා දින සැමරුම් උත්සවය පවත්වා තිබෙනවා.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය කළමනාකාරතුමන්, හක්මන ශාඛාවේ කළමනාකාරතුමන්, ප්‍රාදේශිය ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි, හක්මන ශාඛාවේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී ඇතුළු මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය, ගුරුභවතුන්, පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරි මහත්මිය, පෙර පාසල් දරුවන් සහ දෙමාපියන් ද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
