20 August 2025

logo

පාර්ලිමේන්තුවේ අද විශේෂ විවාදයක්



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. 

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.30 සිට පස්වරු 4 දක්වා අදාළ විවාදය පැවැත්වෙන බවයි. 

යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම ඡන්ද විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන ලෙස දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)