ඓතිහාසික ගාල්ල කොටුව තුළ මංගල අවස්ථා, මංගල කටයුතු වලට පෙර අවස්ථා (Pre-shoot) ඇතුළු වෙනත් පෞද්ගලික උත්සව, වෘත්තීය මට්ටමින් නිශ්චල කැමරාකරණයේ යෙදීමේදී පුරාවස්තු වලට හානි වන අවස්ථා මෙන්ම, ගාල්ල කොටුව තුළ වෙසෙන නිවැසියන්ගේ ජන ජීවිතයට බාධා වන අවස්ථාද වාර්තා වී තිබෙන බව ගාලු උරුමය පදනම පවසනවා.
මේ හේතුවෙන් ගාල්ල කොටුවේ පුරාවිද්‍යා උරුම ආරක්ෂා කරමින් එහි ජන ජීවිතයට, ආගමික හා සංස්කෘතික අගයන්ට මෙන්ම ආර්ථික කටයුතු වලට බාධා හා අනිසි බලපෑම් ඇති නොවන පරිදි කැමරා ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් විධිමත් අයුරින් හා නිසි නියාමනයකින් යුක්තව සිදු කිරීම ගාල්ල කොටුවේ උරුම කළමනාකරණය පිළිබඳ ප්‍රධාන වගකීම දරණ ගාලු උරුමය පදනම වෙත පැවරී තිබෙන බවයි ඔවුන් පැවසුවේ.
ඒ අනුව ගාල්ල කොටුව තුළ ඉහතින් දක්වා ඇති අවස්ථා වෘත්තීය මට්ටමින් නිශ්චල ඡායාරූප ගතකිරීම සඳහා අවස්ථාව සලසාදීමට අදාල කැමරා ශිල්පීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙනවා.
2023 අගෝස්තු පළමු (01) දින සිට ගාලු උරුමය පදනමේ ලියාපදිංචිය ඇති කැමරා ශිල්පීන්ට පමණක් මින් පසුව ගාලු කොටුව තුළ ඉහත අවස්ථා කැමරාකරණයට අවස්ථාව ලබාදෙන බවයි ගාලු උරුමය පදනම පැවසුවේ.
මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කළ ගාලු උරුමය පදනමේ ගිණුම් නිලධාරී නුවන් මදුශංක මහතා...