08 January 2026

logo

උතුරු - නැගෙනහිරට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්



දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.
 
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු ජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 45,448ක් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 19,487ක්.

එමෙන්ම ඩෙංගු වැළදීමෙන් පුද්ගලයන් 22ක් මිය ගොස් තිබෙනවා.

(colombotimes.lk)