09 January 2026

logo

රංගන හේරත්ගේ වාර්තාව ස්ටාර්ක් සමකරයි



එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති තරග 5කින් සමන්විත අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (07) සමත්වුණා.

ඒ තරග 4ට 1ක් ලෙසයි.

තරගාවලියේ අවසන් තරගයේදී කඩුලු 5ක් බිඳ හෙළීමට ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සමත් වුණා.

එම කඩුලු 5 සමඟින් මිචෙල් ස්ටාර්ක් මෙතෙක් බිඳ හෙළා තිබෙන මුළු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 433ක්.

ඒ අනුව කඩුලු 433ක් ලබා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු දවා ගත් වමත් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට් එක්ව සිටි රංගන හේරත් සමඟ සමතැන් ගැනීමට ස්ටාර්ක් සමත් වුණා.

May be an image of American football and text that says "Left-arm Left legends Most wickets by left-arm bowlers in Test cricket 59 78 Dialog Dialog 793A20N กงมาชวน ลัม ea OPEPSI 433 RANGANA HERATH INNS: INNS:170AVE:28.07 170 AVE 28.07 433 MITCHELL STARC INNS: 202 AVE: 26.51 414 WASIM AKRAM INNS: 181 AVE: 23.62 esrfcricinf ESFI cricinfo"

(COLOMBOTIES.LK)