09 January 2026

logo

කසල බදු එකතු නොකීරිමට ප්‍රාදේශීය සභාවකින් පියවර



කසල සඳහා බදු නොගෙවන ව්‍යාපාරික ස්ථානවලින් දෛනිකව එකතුවන කැලි කසල එකතු නොකිරීමට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව විසින් අද (08) සිට පියවර ගෙන තිබෙනවා.

ඒ මධ්‍යම පළාත් පාලන ආයතනය ව්‍යාපාරික ස්ථානවලින් මසකට රු.200 බැගින් වසරකට රු.2400ක කසල බද්දක් එකතු කිරීමට චක්‍රලේඛනයක් නිකුත් කර තිබුණ ද බගවන්තලාව නගරයේ වෙළඳ සංගමය ඊට විරෝධය පළ කිරීම හේතුවෙන්. 

ක්‍රමානුකූලව කැලි කසල වෙන් කර ලබාදෙන ලෙස බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාවගෙන් කොතෙකුත් ඉල්ලා සිටියද එම ක්‍රමය අනුගමය නොකරන බව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නිළධාරිවරයෙක් වැඩිදුරටත් සඳහන් කළා.







(colombotimes.lk)