දිට්වා සුළි කුණාටුවෙන් නිවාස සහ දේපළ අහිමි වූ ජනතාව නඟාසිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා.
එම වැඩපිළිවෙළට සමගාමීව පූජ්‍ය මාවීකන්දේ රතනපාල හිමියන් විසින් උන්වහන්සේට අයත් ඉඩමක් දිට්වා සුළි කුණාටුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව වෙනුවන් පරිත්‍යාග කර තිබෙන බවයි සඳහන් වන්නේ.
ඊට අදාළ ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ඊයේ (07) භාරදී තිබෙනවා.
එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාවට නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන්ට අවශ්‍ය තොරතුරු https://donate.gov.lk/ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද ජනාධිපති ලේකම්වරයා එහිදී සඳහන් කළා.
(colombotimes.lk)
