ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (11) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වන විට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සහ මෙම වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම යන කරුණු අරමුණු කර ගනිමින් මෙම හමුව පවත්වා තිබෙනවා.
බදු අය කිරීමේ කාර්යක්ෂමතාව හා සාධාරණ බව තහවුරු කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ ජාලගත කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම උපායමාර්ගික සහ මෙහෙයුම් කටයුතුවලදී ඵලදායී තීරණ ගැනීමේ හා කළමනාකරණ ක්‍රමවේදයක් මඟින් ආදායම් එකතු කිරීම හා ආදායම් සුරක්ෂිත කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මානව සම්පත් හා තාක්ෂණික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)