ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා අතර හමුවක් සිදු වී තිබෙනවා.
ඒ ඔහු 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගීවීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන වත්මන් අවස්ථාවේ ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරීමට සහ වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා හට සිය ස්තුතිය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 155,000ක් පමණ සිටින අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක විදේශ ප්‍රේෂණයක් රටට ලැබෙන බවද එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.
(colombotimes.lk)