12 February 2025


මෙම මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගැන දැනුම්දීමක්



2025 වසරේ පෙබරවාරි මාසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (13) අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහිදී රුපියල් බිලියන 12.55ක් ප්‍රතිලාභී පවුල් 1,725,795ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

(colombotimes.lk)