12 February 2025


ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන් ඉන්දියාවේදී හමුවෙයි



'Aero India 2025' ගුවන් සංදර්ශනය ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර්හී මේ දිනවල පැවැත්වෙනවා.

එහි විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස සහභාගි වී සිටින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඊට සමගාමීව ඊයේ (11) ඉන්දීය ආරක්‍ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං හමු වුණා.

එහිදී දෙරටේ මුහුදු සීමාවන් තුළ නීතිවිරෝධී මසුන් ඇල්ලීම මැඩලීමේ ක්‍රියාමාර්ග, සමුද්‍රීය ආරක්‍ෂාව ශක්තිමත් කිරීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම දෙරටේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයන් තුළ සහයෝගීතාව වර්ධනය කරමින් ද්විපාර්ශ්වික හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)