12 February 2025


පෙබරවාරි මාසයේ දින 9ක් තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හෙළිවෙයි



මෙම මාසයේ 9වනදා දක්වා ගතවූ කාලය තුළ 80,000කට ආසන්න සංචාරකයන් සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 79,678ක් බවයි.

මෙම වසරේ පෙබරවාරි 09වනදා දක්වා ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 332,439ක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)