12 February 2025


කෑම පාර්සල් කිරීමට කෙසෙල් කොළ භාවිතයට සැලසුම්



කෑම පාර්සල් කිරීම සඳහා භාවිතා කරන පොලිතින් වෙනුවට පදම් කළ කෙසෙල් කොළ භාවිතා කිරී්මට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.

ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒ සඳහා අවශ්‍ය කෙසෙල් කොළ සකස් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කළේ සෙන්ටිමීටර් 45 ප්‍රමාණයේ කෙසෙල් කොළයක් රුපියල් 4කට මිලදී ගන්නා බවයි.

කෙසෙල් කොළ සැපයිය හැකි ගොවි ජනතාවට ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය මඟින් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

(colombotimes.lk)