12 February 2025


වී සහ සහල් ගබඩා කිරීම නියාමනය කරන්න නව ක්‍රමවේදයක්



අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම යන කටයුතු නියාමනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ වී අලෙවි මණ්ඩල පනත පනවා මේ වන විට වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිදු සංශෝධනයක් සිදුකර නොමැතිව එය යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

(colombotimes.lk)