12 February 2025


2024 වසරේදී වනාන්තර හෙක්ටයාර 437ක් ගිනි ගනියි



පසුගිය 2024 වසරේදී වනාන්තර හෙක්ටයාර 437.9ක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.

වන සංරක්ෂණ ජනරාල් ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ සඳහන් කළේ සෑම වසරකම වියළි කාලයේ වනාන්තර ආශ්‍රිතව තෘණභූමි, වන වගා සහ වෙනත් වනාන්තරවල ගිනි ඇතිවීමේ ප්‍රවනතාවක් පවතින බවයි.

මෙම වසරේ පසුගිය දිනවල වියළි කාළගුණයත් සමඟ ගිනි ගැනීම් සුළු ප්‍රමාණයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.

බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, මොණරාගල සහ කෑගල්ල වැනි දිස්ත්‍රික්ක බහුලව ගිනි ගැනීම් ඇතිවන ප්‍රදේශ වනවා.

(colombotimes.lk)