වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ඉදිරියේදී ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය 2ක්, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක්, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් සහ මීගමුව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රියක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ ඒ සඳහා දැනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින එන්ජින් සහ මැදිරි අලුත්වැඩියා කර ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි.