03 September 2025

logo

විශේෂ පුද්ගලයෙක් හෙට දිවයිනට



ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ඇය හෙට (03) සිට 05වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බවයි.
 
මෙය දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු කරන ඉහළම මට්ටමේ සංචාරය බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා. 

ඇයගේ සංචාරය අතරතුරදී නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ එක්ව ශ්‍රී ලංකා - ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසියේ සම - සභාපතිත්වය දරන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද මෙම සංචාරය අතරතුරදී නියමිතව තිබෙනවා.

(colombotimes.lk)