01. SSP සතීෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්
අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් මස 16වනදා දක්වායි.
02. පද්මේ ඇතුළු 05දෙනාට රැඳවුම් නියෝග
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් 5දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ත්‍රස්ත මර්දන පනත යටතේ ඔවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බවයි.
ජකර්තාහීදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 5දෙනා පසුගිය සෙනසුරාදා මෙරටට රැගෙන ඒමට කටයුතු කළා.
ඔවුන්ගෙන් තිදෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.
කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා සහ කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තිබෙනවා.
එමෙන්ම තැඹිලි ළහිරු සහ බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.
03. ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් දිවි අහිමි වූ පිරිස තවත් ඉහළට
ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,124ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ සංඛ්‍යාව 3,251ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම මෙම ව්‍යසනයෙන් එරට නිවාස 8,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
04. සිහින ගමනාන්තය - පළමු දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අරඹයි
දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි 'සිහින ගමනාන්තය' පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කර තිබෙනවා.
ඒ තල්පේ දුම්රිය ස්ථානයේදීයි.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිත බවයි වාර්තා වන්නේ.
මෙහිදී ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීමේ වගකීම වත්මන් රජය අත්නොහැර ඉදිරියට ගෙන යන බවයි.
පොදු ප්‍රවාහන දියුණු කිරීම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හැකියාව පවතින බවත් ඉදිරි වසර 02ක තුළ රට වැඩබිමක් කරමින් වේගවත් සංවර්ධනයනක් කරා ශ්‍රී ලංකාව ගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
05. උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්
යළි කෙදිනකවත් යුද්ධයක් ඇති නොවන බවත් ආන්දෝලනයට තුඩු දිය හැකි තීරණාත්මක තීන්දු ගැනීමට වත්මන් රජය බිය නොවන බවද අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කළ කප්තුරු සවිය ජාතික වැඩසටහනට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාතිවාදය පරාජිත දේශපාලකයා යොදාගන්නා විනාශකාරී මෙවලමක් බවත් වත්මන් රජය කිසිසේත්ම ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බවයි.
06. විශේෂ පුද්ගලයෙක් හෙට දිවයිනට
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ ඇය හෙට (03) සිට 05වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන බවයි.
මෙය දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු කරන ඉහළම මට්ටමේ සංචාරය බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.
ඇයගේ සංචාරය අතරතුරදී නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපෝඩි, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ එක්ව ශ්‍රී ලංකා - ඉතාලි දේශපාලන උපදේශන සමාරම්භක සැසියේ සම - සභාපතිත්වය දරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද මෙම සංචාරය අතරතුරදී නියමිතව තිබෙනවා.
07. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්
බාලවයස්කරුවෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවක එම දරුවා පැය 6ක් ඇතුළත දෙමාපියන්ට පෙන්විය යුතු බවත් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට පෙර දෙමාපියන්ට පෙන්විය යුතු බවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසද පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)