03 September 2025

logo

මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉන්දුනීසියාවේ සහාය



ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය අවධාරණය කර තිබෙනවා.

මෙරට ඉන්දුනීසියානු තානාපතිනි Dewi Gustina Tobing සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර විශේෂ හමුවක් ඊයේ (01) පස්වරුවේ පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි. 

මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සිය ප්‍රසාදය අමාත්‍යවරයා වෙත පළකර තිබෙනවා.

(colombotimes.lk)