03 September 2025

logo

පද්මේ ඇතුළු 05දෙනාට රැඳවුම් නියෝග



ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් 5දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ත්‍රස්ත මර්දන පනත යටතේ ඔවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බවයි. 

ජකර්තාහීදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 5දෙනා පසුගිය සෙනසුරාදා මෙරටට රැගෙන ඒමට කටයුතු කළා. 

ඔවුන්ගෙන් තිදෙනෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර තවත් දෙදෙනෙක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ.

කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා සහ කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තිබෙනවා. 

එමෙන්ම තැඹිලි ළහිරු සහ බැකෝ සමන් යන අපරාධකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)