දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි 'සිහින ගමනාන්තය' පළමු අදියර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කර තිබෙනවා.
ඒ තල්පේ දුම්රිය ස්ථානයේදීයි.
ලෝකයට සාපේක්ෂව වර්තමානයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව අනන්‍යතාවකින් සන්නාමගත කිරීම සඳහා රජය, පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබද්ධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිත බවයි වාර්තා වන්නේ.
මෙහිදී ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ පොදු ප්‍රවාහනය ගුණාත්මක සේවයක් බවට පරිවර්ථනය කිරීමේ වගකීම වත්මන් රජය අත්නොහැර ඉදිරියට ගෙන යන බවයි.
පොදු ප්‍රවාහන දියුණු කිරීම මඟින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හැකියාව පවතින බවත් ඉදිරි වසර 02ක තුළ රට වැඩබිමක් කරමින් වේගවත් සංවර්ධනයනක් කරා ශ්‍රී ලංකාව ගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)