ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට යළිත් මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙනවා.
එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ එම ජලාශයේ ජල මටට්ම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යාම සඳහා එම වාන් දොරටුව සුළු වර්ෂාවත් සමඟ විවෘත කළ බවයි.
ඉදිරි කාලය සඳහා ලබාදී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

(colombotimes.lk)
