colombotimes.lk
සිංහල | English

17 September 2024


ප්‍රදේශ රැසකට අදත් දැඩි හිරු එළියක්



බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් අද (29) ඇති වන බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීම හේතුවෙන් සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව අද (29) දහවල් 12.11ට ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, තෙරන්කන්දල් සහ මල්ලාවි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)