මහජන බැංකුවේ ලුණුවිල සේවා මධ්‍යස්ථානය පසුගියදා නව ස්ථානයක ස්ථාපිත කර තිබෙනවා.
වෙන්නප්පුව ශාඛාව යටතේ ක්‍රියාත්මක වන මෙම ස්ථානගත සේවා මධ්‍යස්ථානය මේ වන විට ලුණුවිල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට නවතම ඩිජිටල් බැංකුකරණ සේවාවක් ලබාදීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම එය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) සමන්විතයි.
නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහකාර සාමාන්‍යාධිකාරී (නාලිකා කළමනාකරණය) ඊ.පී.ඒ. සිසිර කුමාර මහතා, ප්‍රාදේශීය කළමනාකාරිනිය (පුත්තලම) එච්.එම්. කරුණා හේරත් මහත්මිය, පුත්තලම කලාපයේ සියලුම සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනියන්, ප්‍රාදේශීය ලේකම් (නදීජා හේරත් මහත්මිය), ශාඛා කළමනාකාර එම්.පී.ඩබ්ලිව්. කුරේරා මහතා සහ කේ.ඒ.එල්.එල්. කාරියප්පෙරුම - සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනිය (ලුණුවිල), බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ වටිනා ගනුදෙනුකරුවන් සහභාගී වී තිබෙනවා. 

(colombotimes.lk)
