යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් කළ විපක්ෂ එකමුතුවේ විශේෂ අනු කමිටුව අද (05)පෙරවරුවේ රැස් වී තිබෙනවා.
එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස් වූ බවයි.
පනත් කෙටුම්පතට අදාළව සිය නිරීක්ෂණ විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ නායකයින්ට එහිදී දැනුම් දෙන බව, චරිත හේරත් මහතා සඳහන් කර තිබුණා.
එමෙන්ම යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සියලු ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ඉදිරි දිනවලදී සාකච්ජා කිරීමට එම කමිටුව සැලසුම් කර තිබෙනවා.
යෝජිත පනත තුළින් මාධ්‍යවේදීන් සිරගත කිරීමට, මාධ්‍යවේදින්ට දඩ පැනවීමට හා විද්‍යුත් මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට බලය පැවරෙන බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.
(colombotimes.lk