වව්නියාව නගරයේ ඇති මහල් ගොඩනැගිල්ලකින් පුද්ගලයෙක් ඇදවැටී මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා ඇස් පෙනීමේ සහ කන් ඇසීමේ දුර්වලතාවයක සිට ඇති බවට අනාවරණය වූ බවයි.
එලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 40ක් වන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගේ මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය පවසනවා.
(colombotimes.lk)