නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ඊයේ (11) අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර හමුවී තිබෙනවා.
ඒ අධිකරණ අමාත්‍යාංශයේදීයි.
නාවික හමුදාපතිවරයා ලෙස නව පත්වීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා එහිදී වයිස් අද්මිරාල් කාංචන බානගොඩට සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාවේදී නාවික හමුදාපතිවරයා අමාත්‍යවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.