අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය මත සියලු දිස්ත්‍රික්කවල සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට සක්‍රීයව සේවයේ යොදවා ඇති බවයි.
(colombotimes.lk)
