සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
පුලස්තිපුර පොලීසිය සඳහන් කළේ ඊයේ (18) දිනට සාපේක්ෂව මෙම මාර්ගය තවදුරටත් ජලයෙන් යට වී ඇති අතර මේ වන විට සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කට වැඩි ප්‍රමාණයක් යටවී ඇති බවයි.
ඒ හේතුවෙන් සෝමාවතිය පුද බිම වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)
