අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් සහ ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටින සම්පත් මනම්පේරිව අද (19) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් හා තොරතුරු ලබා ගැනීමට ඇති බැවින් සහ සැකකරු විසින් ලබා දුන් තොරතුරු අනුව තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින් ඔහුට තවදුරටත් රැඳවුම් නියෝග ලබාදෙන ලෙසයි.
(colombotimes.lk)
