19 July 2025

logo

පාකිස්ථානයටත් දරුණු ඛේදවාචකයක්



පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟම ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ජල ගැලීම් ආපදා තත්ත්වය හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයන් 63දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

දියේ ගිලීම, ගොඩනැගිලි කඩා වැටීම සහ විදුලි සැර වැදීම වැනි අනතුරුවලින් මෙම පිරිස මියගොස් තිබෙනවා.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉස්ලාමාබාද් අගනුවරට සහ රාවල්පිණ්ඩි නුවරට නිවාඩු දිනයක් නම් කිරීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගංගා ආශ්‍රිත කලාපයන්හී පහත්බිම්වල වෙසෙන ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධික වර්ෂාව හේතුවෙන් පාකිස්ථානයේ රාවල්පිණ්ඩිහී චහාන් වේල්ලද කැඩී ගොස් ඇති බවයි.

ජුනි මාසයේ 26වනදා සිට පාකිස්ථානයට බලපෑ අයහපත් කාලගුණයත් සමඟ සිදු වූ ජල ගැලීම් ආපදාවලින් පුද්ගලයන් 170කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.    

(colombotimes.lk)