ශ්‍රී ලාංකික වෘත්තිකයන් එක් ලක්ෂ අසූ දහසකගේ පමණ රැකියාවලට තර්ජනක් එල්ල වී තිබෙනවා.
ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකට අනුව හෙළි වී ඇත්තේ ඊට හේතුව කෘතිම බුද්ධිය (AI) බවයි.
මෙලෙස තර්ජනයට ලක්වන පිරිස අතර ලිපිකරුවන් හෝ ලිපිකරු ආදී රැකියාවල නියුතු 179,290ක පිරිසක්ද වනවා.
එම අධ්‍යනය ඔස්සේ පෙන්වා දෙන්නේ සමස්ත ශ්‍රී ලාංකික වෘත්තිකයන් මිලියන 1.83කගේ පමණ රැකියා මෙම කෘතිම බුද්ධිය හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිකයන් අතරින් 22.8%ක් පමණ ප්‍රතිශතයකට AI බලපෑම හේතුවෙන් රැකියා අහිමි වී ඇති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
