16 September 2025

logo

රුසියාව සහ යුක්‍රේනය ඇවිලීමට ඇමරිකාවෙන් පන්දමක්



ඇමරිකාව විසින් යුක්‍රේනයට තවත් ඩොලර් මිලියන 500 ක යුධ ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. 

සන්නද්ධ හමුදා රැගෙන යා හැකි ට්‍රක් රථ, කාලතුවක්කු, රොකට් ඇතුළු යුධ උපකරණ රැසක් ඒ යටතේ ලබාදෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
යුක්‍රේන ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඇමරිකාවට සිය කෘතඥතාව පළකර තිබෙනවා. 
 
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළ දින සිට ඇමරිකාව විසින් මෙලෙස යුක්‍රේනයට යුධ ආධාර ලබා දෙන්නේ 41 වන වතාවටයි.
(colombotimes.lk)