ඉන්දුනීසියාවේ ජාවා නුවර පිහිටි පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි සිටි සිසුන්ගෙන් තිදෙනෙක් මියගොස් තවත් 38දෙනෙක් සුන්බුන් අතර සිර වී සිටින බවයි.
තවත් 101දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙක් බවයි.
එමෙන්ම තුවාල ලබා රෝහල් ගත කර ඇති අය අතුරින් වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බවත් මරණ ගණන ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
සුන්බුන් අතර සිර වී සිටින බවට විශ්වාස කෙරෙන තවත් ළමුන් 38දෙනෙක් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
(colombotimes.lk)