17 December 2025

logo

ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටෙයි (VIDEO)



ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටීමෙන් එය ගිනි ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා. 

ට්‍රක් රථය දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදී නැවතෙන අයුරුත් එහි සිටි අයෙක් බැස යන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙනවා. 
 
මධ්‍යම ජාවාහිදී මෙම අනතුර සිදුව ඇති අතර ට්‍රක් රථය දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
දුම්රිය නැවැත්වීමට නොහැකි තරම් වේගයකින් පැමිණි බවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවූ බවත් බලධාරීන් පවසනවා.
(colombotimes.lk)