17 December 2025

logo

බදුල්ල රෝහලේ වෛද්‍යවරු වර්ජනයක



බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක්ට ත්‍රිරෝද රථ රියදුරෙක් විසින් පහරදීමක් සිදු කර තිබෙනවා. 

එලෙස පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා මේ වන විට රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙයට විරෝධය පළ කරමින් බදුල්ල රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබෙනවා. 

වෛද්‍යවරයාගේ මෝටර් රථය පිටුපසින් ත්‍රිරෝද රථය නවතා තබා ඇති අතර එය ඉවත් කරන ලෙස වෛද්‍යවරයා පැවසීමත් සමඟ කෝපයට පත් වූ ත්‍රිවිල් රථ රියදුරා වෛද්‍යවරයාට මෙලෙස පහරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම වර්ජනය අද (17) සවස 4.00 වන තෙක් පැවැත්වෙන බව බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළා. 

(colombotimes.lk)