28 January 2026

logo

රන් මිලෙහි පෙරළියක්



ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි වැඩිවීමක් සිදු වී තිබෙන අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිලද ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව අද (28) 'කැරට් 22' රන් පවුමක් මිල රුපියල් 374,600ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඊයේ (27) දිනයේදී රුපියල් 394,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 405,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(colombotimes.lk)