19 September 2025

logo

චීන ජනපතිගෙන් සුවිශේෂී සැලැස්මක්



චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මධ්‍යම ආසියාව සංවර්ධනය කිරීම සඳහා සුවිශේෂී සැලැස්මක් එළිදක්වා තිබෙනවා. 

එහි අරමුණ වන්නේ එම කලාපයට නායකත්වය සැපයීම මෙන්ම වෙළෙඳාම දියුණු කිරීම බව විදෙස් මාධ්‍ය පවසනවා. 
 
චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, තර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානයට නූතනත්වය හඳුන්වාදී එය ප්‍රවර්ධනය කරන බවයි. 
 
චීනයේ පැවති චීන - මධ්‍යම ආසියා සමුළුව අමතමින් ඔහු මේ බව පැවසුවා.
(colombotimes.lk)