colombotimes.lk
සිංහල | English

02 May 2024

සමෘද්ධිය ඍජුවම ප්‍රතිලාභියාට ලැබීමේ ක්‍රමයක්



සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමය විනිවිදභාවයකින් පවත්වාගෙන යාමට කිසිදු සහයක් නොදුන් පිරිස වැරදි මතවාද සමාජගත කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙම ප්‍රතිලාභ බැංකු ගිණුම් හරහා ඍජුවම ප්‍රතිලාභියා වෙත ලබා දීමේ ක්‍රමවේදයක් සකසා ඇති බවයි.

ඒ අනුව මෙම වැඩපිළිවෙල හරහා කිසිදු ආකාරයකින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කටයුතු මෙන්ම රැකියා සුරක්ෂිතතාවයට හෝ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් අයහපත් බලපෑමක් ඇති නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)