04 November 2025

logo

ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී විසිවෙයි - දෙදෙනෙක්ට තුවාල



තලවකැලේ නගරයේ සිට තලවකැලේ වතුයාය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවී ඉවතට විසි වී ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයේ පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සමන් දේවාලය අසළදීයි.

එම ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.  

පොලීසිය සඳහන් කළේ අධික වේගයෙන් ධාවනය කළ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රීරෝද රථයේ රෝදය ගැලවී ගොස් මෙම අනතුර සිදු වී ඇති බවයි.
 
එම අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)