04 November 2025

logo

STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්



විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. 

විශේෂ කාර්ය බළකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම බළකාය වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314න් 90%ක් පමණ වසර 10කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වනවා.  

එම තත්ත්වය විශේෂ කාර්ය බළකාය විසින් ක්‍රියාත්මක කරන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)